ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්හි ගැටලු වලට විසඳුම් සෙවිය හැකිය-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්හි ගැටලු වලට විසඳුම් සෙවිය හැකිය-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

 
ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්යයක් නො වූ කලාපයේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රටක් ලෙස ප්රජාතන්ත්රවාදී ක්රමවේදයක් තුළින් ම ප්රශ්නවලට විසඳුම් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමඟ මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ අද (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය..
යුරෝපා සංගම් GSP+ ක්රමය යටතේ ශ්රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්රී ලංකාව සමඟ එක් ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්යයනය කිරීම මෙම සංචාරයෙන් දූත කණ්ඩායම අපේක්ෂා කරයි.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයන් කාලය මූලික කර ගත් විසඳුමක අවශ්යතාව පෙන්වා දෙනු ලැබී ය. සංචාරයේ දී අධ්යයනය කළ කරුණු පදනම් කර ගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබා දීමට කටයුතු කරන බව දූත පිරිස සඳහන් කළහ.
අවශ්ය කමිටු පත් කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්යවරයාටත්, නීතිපතිතුමාටත් උපදෙස් ලබා දී ඇති අතර ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය. එලෙස ම වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බව ද ජනාධිපතිතුමා විසින් සඳහන් කරනු ලැබිණ.
කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ එමඟින් රජය අපේක්ෂිත සම්පූර්ණ සැලසුම් ඉටු කර ගැනීමට එල්ල වූ බාධාවන් ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එසේ තිබියදීත් දීර්ඝ කාලීන යුද්ධය නිසා ඇති වූ ගැටලු රැසකට විසඳුම් ලබා දීමටත් උතුරු - නැගෙනහිර පළාත් සංවර්ධනයට සේ ම ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට රජය ගත් ක්රියාමාර්ග ජනාධිපතිතුමා පැහැදිලි කළේය. විශේෂයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට සහ අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීමට පියවර ගත් බව පෙන්වා දෙනු ලැබීය.
රටේ අභ්යන්තර ප්රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස් පෝරාවේ සිටින පිරිස සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක් ව කටයුතු කිරීමේ අවශ්යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේදී ද තමා සඳහන් කළ බව ජනාධිපතිතුමා කියා සිටියේය.

සිවිල් සංවිධාන සමග අන්යෝන්ය අවබෝධයෙන් ක්රියාකරන අතර ඒවායේ සහාය රටේ සංහිඳියාවට සහ දියුණුවට ලබා ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

පසුගිය දෙවසර තුළ පැවති උද්ඝෝෂණවලට කිසිදු අවස්ථාවක බැටන් ප්රහාර, ජල ප්රහාර හෝ කඳුළු ගෑස් එල්ල නො කිරීමට උපදෙස් ලබා දුන් බවත් උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙන ම ස්ථානයක් වෙන් කළ බවත් පෙන්වා දෙනු ලැබිණ.

රජය ප්රජාතන්ත්රවාදීව කටයුතු කළ ද ඒවාට අවධානය යොමු නො වන අතර කුඩා සිදුවීමක් පාදක කර ගනිමින් විවිධ පාර්ශ්ව සාවද්ය මතවාද ඇති කිරීම කණගාටුදායක බව ජනාධිපතිතුමා පැවසීය.

රාජ්ය සහ පෞද්ගලික අංශ එක් ව කටයුතු කිරීමටත්, පෞද්ගලික අංශය වැඩිදියුණු කර රටේ සංවර්ධනයට දායක කර ගැනීමටත් ගුණාත්මක රාජ්ය සේවයක් සඳහා දියුණු රටවල තාක්ෂණ ක්රමෝපායන් අනුගත කිරීමටත් පියවර ගනිමින් සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මෙරට ප්රධානතම ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ ප්රවර්ධනය වෙනුවෙන් තාක්ෂණ සහ පුහුණු සහාය ලබා ගැනීමෙන් රටේ ආර්ථික දියුණුව ළඟා කර ගැනීමට ඇති හැකියාව ජනාධිපතිතුමා විසින් පැහැදිලි කර දෙනු ලැබිණ.

රට ඉදිරියට ගෙන යන රජයේ සැලැස්ම පිළිබඳ කළ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳව දූත පිරිස ජනාධිපතිතුමා වෙත සිය ප්රසාදය සහ ස්තූතිය පළ කළහ.
යුරෝපා කොමිසමේ ජ්යෙෂ්ඨ උපදේශක, වෙළෙඳ හා තිරසර සංවර්ධන, GSP සහ (Environment Action Programme) හි වෙළඳ කටයුතු සඳහා වූ අධ්යක්ෂ ජනරාල් නිකොලොස් සයිමිස් (Nikolaos Zaimis), යුරෝපා කොමිසමේ බාහිර ක්රියාකාරි සේවයේ දකුණු ආසියාවේ අංශ ප්රධානි, අඕනිස් ජියෝග්කරාකිස් ආර්ජිරොපොව්ලොස් (Ionnnis Giogkarakis Argyropoulos), කොළඹ පිහිටි යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති, ඩෙනිස් චායිබි (Denis Chaibi), ජීඑස්පී වෙළෙඳ සහනය පිළිබඳ සම්බන්ධීකාරක ගයිඩෝ ඩොලාරා (Guido Dolara), රැකියා, සමාජ කටයුතු - කම්කරු, සංචලන - ජාත්යන්තර ගැටලු පිළිබඳ ඒකක ප්රධානි, අධ්යක්ෂ ජෙනරාල් ලුයී ප්රැට්ස් (Lluis Prats), ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්රතිපත්ති නිලධාරි, මොනිකා බයිලේයිට් (Monika Bylaite), විදේශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්මමහත්මීහු මෙම සාකච්ඡාවට එක් ව සිටියහ.

Post a Comment

Previous Post Next Post